Published
බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් ලන්ඩනයට පැමිණ සිටි බංග්ලාදේශයේ අන්තර්වාර නායක මුහම්මද් යුනුස් හමුවීම ප්‍රතික්ෂේප කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ, හිටපු ෂීක් හසීනා පාලන තන්ත්‍රය විසින් පැහැරගත් බව කියන ඩොලර් බිලියන ගනනක් අයකර ගැනීම සඳහා එක්සත් රාජධානියේ සහය පතා ඔහු ලන්ඩනයේ රැඳී සිටි පසුබිමක් තුළයි
අග්‍රාමාත්‍යවරයා සමග ඍජු සාකච්ඡාවක් ලැබී නොමැති නමුත් එක්සත් රාජධානියේ සහයෝගීතාව පිළිබඳ විශ්වාසය පළ කරන බව යූනුස් පවසා තිබේ.
යූනුස්ගේ මෙම සිව්දින සංචාරයේදී අග්‍රාමාත්‍ය ස්ටාමර් හමුවීමට කිසිදු සැලසුමක් නොමැති බව එක්සත් රාජධානියේ රජයේ නිලධාරීන් තහවුරු කර ඇත.
යූනුස්ගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරෙහිව එරට ස්ථාන කිහිපයක විරෝධ්තා පැවැත්වුනු අතර යුනුස් හමුනොවන ලෙසට පාර්ශව කිහිපයකින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ඉල්ලිම් ද ඉදිරිපත් වී තිබිණි.