දකුණු ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එම අනතුරෙන් තවත් පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෝර්ඩෝබා හි ඇඩමුස් නගරය ආසන්නයේදී මෙම දුම්රිය අනතුර සිදුව තිබෙනවා.

මලගා සිට මැඩ්රිඩ් දක්වා ධාවනය කළ දුම්රියක් පීලි පැනීමකට ලක්ව යාබද දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.