Published
රුසියාව යුක්රේනයේ කියෙව් අගනුවර ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
යුක්රේනය පවසා ඇත්තේ එම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මිය ගොස් 49 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
කියෙව් අගනුවරට අමතරව ලූට්ස්ක් සහ ටර්නෝපිල් කලාප ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කර තිබෙනවා.
රුසියාව මෙවැනි දැවැන්ත ප්‍රහාරයක් යුක්රේනයට එල්ල කළේ, යුක්රේනය විසින් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර දින කිහිපයකට පසුවයි.
රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ කියෙව් පාලනයේ ත්‍රස්තවාදී ක්‍රියාවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි.
ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා 400කට වැඩි ප්‍රමාණයක් සහ මිසයිල 40කට වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇති බවද රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා.