ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ, ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් සමග ගින්නක් හටගැනීම හේතුවෙන්.

සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව සහතික කිරීම සදහා පූර්ව ආරක්‍ෂාවක් ලෙස ගුවන් තොටුපොළ කටයුතු තාවකාලිකව අත්හිටවූ බවයි බලධාරීන් නිවේදනය කර ඇත්තේ.

ලොව කාර්ය බහුලම ගුවන් තොටුපොල ලෙස සැලකෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි.