වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝගේ සහ ඔහුගේ බිරිඳගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරන ලෙසත් ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් චීනය අමෙරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
වෙනිසියුලා ජනාධිපති සහ ඔහුගේ බිරිඳ බලහත්කාරයෙන් රඳවා තබා ගනිමින් වෙනිසියුලාවෙන් පිටත් කිරීම සඳහා අමෙරිකානු හමුදා යෙදවීමත් සමග චීනය එම අදහස් පළ කර තිබෙනවා.
අමෙරිකාව වෙනිසියුලා ජනාධිපතිවරයා සහ ඔහුගේ ආර්යාව බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම සහ ඔවුන් පිටුවහල් කිරීම කෙරෙහි චීනය දැඩිව අවධානය යොමු කරන බවටයි චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ.
අමෙරිකාවේ ක්‍රියාමාර්ග පැහැදිලිවම ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම උල්ලංඝණය කරන බවද චීනය පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම වෙනිසියුලානු රාජ්‍ය පාලනය පෙරලා දැමීමට දරණ උත්සාහයන් නවතා සංවාද සහ සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගන්නා ලෙස චීනය අමෙරිකාවෙන් ඉල්ලා සිටින බවයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.




