වෙනිසියුලාව ගැන ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට ක්ෂණික බලපෑමක් එල්ල නොකරනු ඇතැයි විශේෂඥයෝ පවසනවා.
වෙනිසියුලාවේ බොරතෙල් යටිතල පහසුකම් සංවර්ධනයට, බොරතෙල් නිෂ්පාදනයට සහ අපනයනයට ඇමෙරිකානු ඉන්ධන සමාගම් හරහා මුදල් ආයෝජනය කරන බව මෙම අත්පත් කරගැනීමෙන් අනතුරුව ට්‍රම්ප් පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
කෙසේ වෙතත් වෙනිසියුලාවේ ක්‍රියාත්මක එකම ඇමෙරිකානු බොරතෙල් සමාගම වන Chevron සමාගම සහ ,ExxonBMobil ,ConocoPhillips සමාගම් මේ සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රතිචාර දක්වා නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එරට දත්ත වාර්තා අනුව අද වනවිට වෙනිසියුලාව සතුව ගෝලීය බොරතෙල් සංචිතයෙන් සියයට 17ක් පවතී.
පසුගිය කාලසීමාවේදී ඇමෙරිකාවෙන් එල්ල වූ සම්බාධක හේතුවෙන් එම බොරතෙල් නිෂ්පාදනය වැඩි වශයෙන් සිදුව නැත.
අද වනවිට එරට දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියනයක් වන අතර, ඉන් අපනයනය කරන්නේ අඩක් පමණකි.
1970 දී එරට දෛනික බොරතෙල් නිෂ්පාදනය බොරතෙල් බැරල් මිලියන 3.5ක් විය.
ඒ අනුව වෙනිසියුලානු නව පාලනය ගනු ලබන තීරණයට අනුව දැනට පවතින පහසුකම් අනුව බොරතෙල් නිෂ්පාදනය ඉහළ නැංවීම සහ අපනයන ඉහළ නැංවීම හරහා මැදි කාලීනව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වීමේ හැකියාවක් ඇති බවයි විශේෂඥයෝ පවසන්නේ.
පසුගිය වසරේදී පමණක් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් සියයට 19කින් පහත වැටුණි.




