Published
වර්තමානයේදී ඉන්දියාව තම ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සම්මුතියක් ඇති කර නොගන්නා බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.
ජාතිය අමතමින් සිදු කළ ප්‍රකාශයකදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ සින්දූර් මෙහෙයුමට ප්‍රශංසා කරන බවයි.
රට කෙරෙහි ආදරය සහ භක්තිය පිළිබඳ හැඟීම් රට පුරා ජනතාවගෙන් ගලා ආ බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පැවසුවේ 2025 දී ඉන්දියාව ජයග්‍රහණ රැසක් අත් පත් කර ගත් බවයි.
2025 වර්ෂය සෑම ඉන්දියානුවෙකුටම ආඩම්බර විය හැකි බොහෝ අවස්ථා ලබා දුන් බවත්, ජාතික ආරක්ෂාවේ සිට ක්‍රීඩා දක්වා, විද්‍යාත්මක රසායනාගාරවල සිට ලෝකයේ විශාලතම වේදිකා දක්වා, ඉන්දියාව එහි සලකුණ තබා ඇති බවත් මෝදි පැවසුවේය.
එමෙන්ම ඔහු පැවසුවේ සින්දූර් මෙහෙයුම සෑම ඉන්දියානුවෙකුටම ආඩම්බරයේ සංකේතයක් බවට පත්වූ බවයි.


