2025 වසරේ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය බි්‍රතාන්‍ය, ප්‍රංශ සහ අමෙරිකානු ජාතික විද්‍යාඥයින් තිදෙනාට ප්‍රදානය කර තිබෙනවා.

නොබෙල් ත්‍යාග කමිටුවේ නිවේදනයට අනුව එම ත්‍යාගය හිමිකරගෙන ඇත්තේ ජෝන් ක්ලාක්, මයිකල් එච්. ඩෙවොරෙට් සහ ජෝන් එම්. මාර්ටිනිස් යන විද්‍යාඥයින්ටයි.

ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ සොයාගැනීම් සඳහා මෙම විද්‍යාඥයින් තිදෙනා කළ කැප කිරීම අගය කරමින් නොබෙල් ත්‍යාගය ලබාදී තිබෙනවා.

නොබෙල් ත්‍යාග කමිටුව පවසන්නේ භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පිරිනමනු ලැබුවේ ඉතා බලවත් පරිගණක නව පරම්පරාවකට මග පාදන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ එම විද්‍යාඥයින් කටයුතු කිරීම හේතුවෙන් බවයි.

ජංගම දුරකථන, කැමරා සහ ෆයිබර් ඔප්ටික් කේබල් ඇතුළු ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව මත රඳා නොපවතින අද භාවිතා කරන දියුණු තාක්ෂණයක් නොමැති බවයි නොබෙල් කමිටුව පවසා ඇත්තේ.
ජයග්‍රාහකයින් තිදෙනාට පවුම් අට ලක්ෂ හැත්තෑ දෙදහසක ත්‍යාග මුදලක් ද ලබාදී තිබෙනවා.