2026 ඔස්කාර් සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස “වන් බැට්ල් ආෆ්ටර් අනදර් ” චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා.

එම සම්මානය ඇතුළුව මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ දී පිරිනැමුණු සම්මාන 6ක් එම චිත්‍රපටයට හිමිවීම විශේෂත්වයක්.

98 වන වරට පැවති මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මානය හිමිකර ගැනීමට මයිකල් බී ජෝර්ඩන් සමත් වුණා.

ඒ, “සිනර්ස්” චිත්‍රපටයේ ඔහු නිරූපනය කළ විශිෂ්ඨ රංගනය වෙනුවෙන්.

“හැනට්” චිත්‍රපටයේ නිරූපනය කළ විශිෂ්ඨ රංගනය වෙනුවෙන් ජෙසී බක්ලි මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොදම නිළිය ලෙස සම්මාන දිනාගත්තා.