ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය හෙවත් FBIහි අධ්යක්ෂ කාශ් පටෙල්ගේ පෞද්ගලික විද්්‍යුත් තැපැල් ගිණුම හැකර් ප්‍රහාරයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඉරානයට සම්බන්ධ හැකර් කණ්ඩායමක් එය සිදුකර තිබෙනවා.
කාශ් පටෙල්ගේ පෞද්ගලික විද්්‍යුත් තැපෑලට ඇතුළු වූ හැකර්වරුන් එහි තිබූ ඡායාරූප සහ ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව ඇතුළු තොරතුරු රැසක් අන්තර්ජාලයට මුදාහැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අදාළ හැකර් කණ්ඩායම ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ, සාර්ථකව හැක් කරන ලද ගොදුරු බවට පත්වූවන්ගේ ලැයිස්තුවට පටෙල්ගේ නම ද ඇතුළත් වන බවයි.
මේ අතර ධවල මන්දිරය විසින් ‘ ද වයිට් හවුස් ’ නමින් නව දුරකතන යෙදවුමක් නිකුත් කර තිබෙනවා.
එමඟින් ජනාධිපතිවරයා සම්බන්ධ සියලුම යාවත්කාලීන තොරතුරු ලබා ගත හැකි බවයි ධවල මන්දිරය පවසන්නේ.
මේ අතර වසර 165ක් පුරා භාණ්ඩාගාරිකවරයා වෙත පැවති තිබූ අමෙරිකානු මුදල් නෝට්ටුව අත්සන් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පවරා ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව අමෙරිකානු නෝට්ටුවලට අත්සන් තබන ප්‍රථම ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වනු ඇති.
ට්‍රම්ප් අත්සන් කරන අමෙරිකානු නෝට්ටු ලබන ජූනි මාසයේ සිට නිකුත් කිරීමටයි නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.




