සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් එළඹෙන අගෝස්තු මාසයේදී මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා පළ වනවා. ඒ, අගෝස්තු මස දෙවනදා විවෘත කිරීමට නියමිත සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ විවෘත කිරීමේ උත්සවය සඳහායි. කෙසේවෙතත් ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් සංවිධායකයින් මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නැහැ. කෙසේවෙතත් සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා සහ සිනමන් ලයිෆ් සමාජ මාධ්‍ය පිටුවල අදාළ උත්සවය සඳහා සුවිශේෂී අයෙකුගේ පැමිණීමක් සම්බන්ධව ඉඟි පළ කර තිබෙනවා.