අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ තෙල් පිරිපහදු බලාගාරයක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා.

ම පිපිරීමත් සමඟ අහසට කළු දුමාරයක් විහිදී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම පිපිරීමේ හඬින් අවට නිවාස පවා සෙලවී තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ආරක්‍ෂිත පියවර ගන්නා ලෙසට ප්‍රාන්ත බලධාරීන් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ ප්‍රදේශය ආශ්‍රිතව රථවාහන ගමනාගමනය ද සීමා කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම පිපිරීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් මෙතෙක් වාර්තා වී නැහැ.

මේ අතර කොලොම්බියාවේ දකුණු ප්‍රදේශයේදී ගුවන් යානයක් කඩා වැටි එහි සිටි පුද්ගලයන් 66 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එරට ගුවන් හමුදාවට අයත් යානයක් එලෙස කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවන විට ගුවන් යානය තුළ යුද හමුදා භටයින් 114 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු සිටි බව එරට ගුවන් හමුදාපතිවරයා පවසනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සෙබලුන් ප්‍රවාහනය සඳහා භාවිත කරන, අමෙරිකාවේ නිෂ්පාදිත සී 130 හර්කියුලිස් වර්ගයේ ගුවන් යානයක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.