Published
අමෙරිකානු ගුවන් හමුදාවට අයත් බී 52 වර්ගයේ බෝම්බ හෙළන යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දකුණු කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වූ එම යානය මද වේලාවකින් කඩා වැටී ඇති බවයි කර්නල් ජේම්ස් හේස් පවසන්නේ.
බී 52 වර්ගයේ එම යානය එඩ්වර්ඩ්ස් කඳවුරේ රේඩාර් නවීකරණ වැඩසටහනට සහාය වෙමින් සිටියදි එලෙස අනතුරට ලක්ව ඇති බවද කදවුරේ කර්නල්වරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
මේ අතර අමෙරිකාවේ මිසූරි ප්රාන්තයේ කැන්සාස් නගරයට ආසන්නයේ ඊයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.



