Published
ඇමෙරිකාවේ සංෆ්රැන්සිස්කෝ (San Francisco) නගරයේ මෙට්රෝ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ධාවනය වෙමින් තිබූ දුම්රියක රියදුරුට නින්ද යාම මෙම අනතුරට ප්රධාන හේතුව වී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ දුම්රිය ද්විත්වයේම කිසිදු මගියෙකු ගමන් කර නොමැති බැවින් විශාල විපතක් වැළකී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්රවාහන බලධාරීන් සහ ප්රදේශයේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.




