ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් පෘථිවියේ සිට කිලෝමීටර් 36,000 ක් පමණ ඉහළින් පිහිටි භූ-සමකාලීන කක්ෂයකට රැගෙන යන ලද සිය ප්‍රථම පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශගත කර ඇත.

GISAT-1A ලෙසද හඳුන්වනු ලබන මෙම EOS-05 චන්ද්‍රිකාව ශ්‍රී හරිකෝටා හි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට GSLV-F17 රොකට්ටුව ආධාරයෙන් ගුවන්ගත කර තිබේ.

ඉන්දියාවේ "අහසේ ඇස" ලෙස හඳුන්වනු ලබන මෙම චන්ද්‍රිකාව සැලසුම් කර ඇත්තේ ස්වාභාවික ආපදා නිරීක්ෂණය, කෘෂිකර්මාන්තය සහ වන වගා කටයුතු සඳහා විශාල ප්‍රදේශයක සඡීවී හා නිතර යාවත්කාලීන වන ඡායාරූප ලබා ගැනීම සඳහා ය.

මෙම EOS-05 චන්ද්‍රිකාව මගින් ප්‍රතිස්ථාපනය වන්නේ 2021 වසරේදී අභ්‍යවකාශගත කිරීමට උත්සාහ කිරීමේදී අසාර්ථක වූ GISAT-1 චන්ද්‍රිකාවයි. EOS-05 චන්ද්‍රිකාවේ සැලසුම්ගත මෙහෙයුම් කාලය වසර 10 කි.