ඉන්දියාව යනු වැදගත් හවුල්කරුවෙකු බව මැලේසියාව පවසා තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මැලේසියානු සංචාරයට සමගාමීව සිදුකෙරුණු නායකයින් දෙපළගේ ද්විපාර්ශවික සාකච්ඡා වටයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රහිම් මේ බව පැවසුවේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවැති හමුව ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියට ගෙන යාම සඳහා ඉතා වැදගත්, ඉතා උපායමාර්ගික සහ තීරණාත්මක බවයි.

ඉන්දියාව සහ මැලේසියාව අතර සබඳතා ඉදිරියට ගෙන යාමට සහ වැඩිදියුණු කිරීමට මෙම හමුවීම සහ මෙම හුවමාරු ඉතා වැදගත්, ඉතා උපායමාර්ගික සහ තීරණාත්මක ලෙස සලකන බව ද මැලේසියානු අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

එමෙන්ම දෙරට අතර පවතින ද්විපාර්ශවික ඓතිහාසික සබඳතා, ශක්තිමත් ජනතාව-ජනතාව අතර සම්බන්ධතා සහ නිරන්තරයෙන් පුළුල් වන ආර්ථික සහයෝගීතාව ද එහිදී මැලේසියානු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.