ඉකුත් මැයි මාසයේදී කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව දියත් කළ සින්දූර් මෙහෙයුම සම්බන්ධයෙන් පකිස්තානය ප්‍රකාශයක් සිදු කර තිබේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙහෙයුමේදී සැලකිව යුතු ලෙස ප්‍රහාර එල්ල වූ බව පාකිස්තානය පිළිගෙන ඇති බවයි..
පකිස්තාන විදේශ අමාත්‍ය සහ නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර, සෙනසුරාදා පැවති වසර අවසාන මාධ්‍ය හමුවකදී ඔහු තහවුරු කළේ ඉන්දියාව රාවල්පින්ඩි හි චක්ලාලා ප්‍රදේශයේ නූර් ඛාන් ගුවන් කඳවුර ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි.
ප්‍රහාරයෙන් හමුදා කඳවුරට හානි සිදු වූ බවත් එහි ස්ථානගත කර සිටි පුද්ගලයින් තුවාල ලැබූ බවත් ඩාර් පිළිගත්තේය.
වාර්තාකරුවන් අමතමින් ඩාර් පැවසුවේ කෙටි කාලයක් තුළ ඉන්දියාව පකිස්තාන භූමියට ඩ්‍රෝන ආක්‍රමණ කිහිපයක් දියත් කර කර තිබූ බවයි.
ඒ අනුව ඉන්දියාව පාකිස්තානය දෙසට ප්‍රහාරක ඩ්‍රෝන යානා යොමු කළ බවත්, පැය 36 ක් තුළ අවම වශයෙන් ඩ්‍රෝන යානා 80 ක් පමණ එවන ලද බවත් ඔහු පිළිගත්තේය.




