ඉන්දියාවේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එරට ඇසෑම් ප්‍රාන්තයට සහ ඊසානදිග ප්‍රදේශ කිහිපයක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබුණා.

එම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.1ක් ලෙස සටහන් වූ බවයි ඉන්දීය ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පැවසුවේ.

භූ කම්පනයේ කේන්ද්‍රය ඇසෑම්හි මොරිගාඕන් දිස්ත්‍රික්කය අසල වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් සිදුව නොමැති බවද එරට බලධාරීන් පවසනවා.