ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් අතර හමුවක් අද පැවැත්වේ.

ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි.

ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයට සමගාමීව මෙම හමුව සිදුවනු ඇති.

එහිදී අමාත්‍යවරුන් දෙපල ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහුපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

කලාපීය සහ ගෝලීය ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇතැයි පැවසේ.

එමෙන්ම දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරුන් දෙපළගේ අවධානය යොමු වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.