ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සිය සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලා අතර හමුවක් සිදුව තිබේ.

ඒ ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සිංගප්පූරු සංචාරය අතරතුරදීයි.

ඉන්දියාවේ නැගෙනහිර ප්‍රතිපත්තියේ හදවත සිංගප්පූරුව බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිංගප්පූරුවේ Temasek Holdings හි සභාපතිවරයා ලෙස පත් කරන ලද Teo Chee Hean හමුවී ඉන්දියාවේ සිදුවෙමින් පවතින පරිවර්තනය සහ එහි ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කළේය.

සිය සිංගප්පූරු සංචාරය අවසන් කිරීමෙන් පසු ජයිශංකර් ටියැන්ජින් හි පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) විදේශ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයට සහභාගී වීමට චීනයට යාමට නියමිතය.

ඔහු එම කවුන්සිලයට සමගාමීව ද්විපාර්ශ්වික රැස්වීම් ද පවත්වනු ඇත.