ඉරාන රජයට එරෙහිව පැවැත්වෙන අඛණ්ඩ මහජන විරෝධතාවලින් මේ වන විට පුද්ගලයින් 2,000ක් පමණ මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රෝහල් ආරංචිමාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ රෝහල් වෙත රැගෙන ආ බහුතරයක් අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන තරුණයන් බවයි.

ඉරාන රජයට එරෙහිව පැවැත්වෙන අඛණ්ඩ මහජන විරෝධතාව මේ වන විට ක්‍රියාත්මක වන්නේ අඛණ්ඩ දෙවන සතියටයි.

විරෝධතා මැඩපැවැත්වීම සඳහා ගත් දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් මෙලෙස මරණ ඉහළ ගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට ඉරානයේ අන්තර්ජාල සබඳතාද අවහිර කර තිබෙනවා.

මේ වනවිට ඉරානයේ අන්තර්ජාල සබඳතා නොමැතිව පැය 100ක් ගතවී අවසන්.