ගාසා තීරයේ සහ බටහිර තීරයේ ඊශ්‍රායලය සිදුකරන ප්‍රහාර හෙළා දකිමින්, ඊට එරෙහිව ජාත්‍යන්තර මට්ටමින් පියවර ගන්නා ලෙස ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම ආරම්භ වීමට නියමිතව තිබියදී ඉරානය මෙම නිවේදනය නිකුත් කර තිබීම විශේෂත්වයක්.

ගාසා තීරයේ සිදුවන ජන සංහාරයන්, යුධ අපරාධ, සාගින්න සහ පලස්තීන ජාතිකයින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව වහාම ක්‍රියාත්මක වී, එම ප්‍රදේශයට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමට කටයුතු කරන ලෙසයි ඉරානය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින්නේ.