ඉරානයේ න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට විරෝධය පළ කරමින් තවදුරටත් යුද ගැටුම්වල පැටලී සිටින අමෙරිකාව සෞදි අරාබිය සමග තීරණාත්මක බලශක්ති ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ, සිවිල් න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනක් ආරම්භ කිරීමට සෞදි අරාබියට අවස්ථාව ලබාදෙමින්.

''සමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුම'' ලෙස නම් කර ඇති මෙමගින්, සෞදි අරාබියේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට ඇමරිකානු සමාගම්වලට විශාල ඉඩකඩක් ලැබෙනවා.

ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය මෙතෙක් ප්‍රසිද්ධ කර නැතත්, අනාගතයේදී සෞදි අරාබියට තමන්ගේම රට තුළ යුරේනියම් බලගැන්වීම හෙවත් සපෝෂණය කිරීමට මෙමගින් අවසර ලැබෙනු ඇති බවටයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

යුරේනියම්, විදුලිය නිපදවීමට මෙන්ම න්‍යෂ්ටික ආයුධ සෑදීමටද භාවිත කළ හැකියි.

කෙසේ වෙතත්, ඇමරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අවධාරණය කරන්නේ, මෙම ගිවිසුම මගින් න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සුරකින බවයි.

න්‍යෂ්ටික ආයුධ ව්‍යාප්ත වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවද මාර්කෝ රූබියෝ පවසනවා.

නමුත් මේ සම්බන්ධයෙන් කලාපයේ ප්‍රධාන ඇමරිකානු මිත්‍රයා වන ඊශ්‍රායලය මෙන්ම ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ඇතැම් මැති ඇමතිවරුන් ද සිය කණගාටුව සහ විරෝධය පළ කර සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මින් පෙර ඇමරිකාව කිසිම රටකට තමන්ගේම පසෙහි යුරේනියම් සපෝෂණය කිරීමට අවසර දී නොමැති බවයි.

මෙය මැදපෙරදිග කලාපයේ න්‍යෂ්ටික අර්බුදය තවත් තීව්‍ර කිරීමට හේතු විය හැකි බවටද ඔවුන් අනතුරු අඟවනවා.