Published
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට මූල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එලෙස තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය වෙනුවෙන් මැදපෙරදිගට, අමතර භට පිරිස්, මැරීන් භටයින් සහ නාවික නෞකා යෙදවීමටත් අමෙරිකාව තීරණය කර තිබෙනවා.




