ඉරානයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය හමුදාමය මෙන්ම මූල්යමය වශයෙන් ද ඉතා යහපත් මට්ටමක පසුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර සිටිනවා.
මෙම තත්ත්වය ඉරානයට එරෙහිව සිදු කෙරෙන ”කුඩා ගැටුමක්” පමණක් බවයි ට්රම්ප් අවධාරණය කරන්නේ.
ඇමෙරිකාවේ භැඅිභ්එසදබ නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
ඉරානය සමඟ සාකච්ඡා කිරීම අතහැර දමා නොමැති බවත් ඉතා ඉක්මනින්ම ස්ථිර විසඳුමකට පැමිණීමට හැකිවනු ඇති බවත් ඩොනල්ඩ් ට්රම්ප්ගේ විශ්වාසයයි.
එමෙන්ම එළඹෙන ඇමෙරිකානු අතුරු මැතිවරණයෙන් අනතුරුව යම් තීරණාත්මක පියවරක් ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.
ඒ අනුව ඉදිරියේදී සිදුවන්නේ කුමක්දැයි නිරීක්ෂණය කරන බව ට්රම්ප් එහිදි පවසා තිබෙනවා.
ඉරානය සම්බන්ධයෙන් සිය පාලන සමය තුළ ලබාගෙන ඇති ප්රගතිය පිළිබඳව ද අදහස් දක්වමින් ජනාධිපති ට්රම්ප් ප්රකාශ කර ඇත්තේ ඇමෙරිකාව ඉරානය හමුවේ සිදුකර ඇති කාර්යභාරය ඉතාමත් විශිෂ්ට බවයි.
මේ අතර එළඹෙන නොවැම්බර් මස පැවැත්වෙන ඇමෙරිකානු අතුරු මැතිවරණයට බලපෑම් කිරීමට කැනේඩියානු රජයේ ප්රධානීන් සහ අමාත්යවරුන් උත්සාහ දරන බවට ඔටාවා නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය චෝදනා කරනවා.
ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් නිකුත් කළ නිල තොරතුරු පත්රිකාවකට අනුව සඳහන් වන්නේ, කැනේඩියානු අමාත්යවරුන් සහ ප්රාන්ත අගමැතිවරුන් ඇමෙරිකානු දේශපාලනයට බලපෑම් කිරීමේ සැලසුම් පිළිබඳව නිල ලේඛනවල මෙන්ම ප්රසිද්ධ ප්රකාශවල ද ප්රසිද්ධියේ අදහස් දක්වා ඇති බවයි.
ඊට අමතරව, තීරුබදු පැනවීම හරහා ඇමෙරිකානු දේශපාලන තීරණවලට බලපෑම් කිරීමට කැනඩාව උත්සාහ දරන බවට ද ඇමෙරිකාව චෝදනා කරනවා.
කෙසේ වෙතත්, කැනේඩියානු අග්රාමාත්ය මාක් කාර්නි ඇතුළු එරට ප්රධානීන් මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.
මේ අතර සෞදි අරාබියේ දම්මාම් නුවර කිං ෆාඩ් ජාත්යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අට පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එරට සිවිල් ගුවන්සේවා ජනරාල් අධිකාරිය සඳහන් කළේ තුවාල ලැබූ පිරිස වෛද්ය ප්රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි.
මේ අතර පවතින හූති ප්රහාර හමුවේ සෞදි අරාබියේ පිහිටි ඇමෙරිකානු රාජ්ය තාන්ත්රික නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට වහාම එරටින් පිටවන ලෙස ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදීත් හූති ප්රහාර එල්ල විය හැකි බවට රියාද් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් විශේෂ ආරක්ෂිත අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කළේ.




