ඊජිප්තුවේ ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක් ඇතුළු 12කට මරණ දඩුවම
Published
ඊජිප්තුවේ ප්‍රකට රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නියක වන සාරා කලීෆා (Sarah Khalifa) ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා.
ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවලට වැරදිකරුවන් වීම හේතුවෙන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට අපරාධ විමර්ශන සම්බන්ධයෙන් පැවැත්වෙන ජනප්‍රිය "මිෂන් ඉම්පොසිබල්" රූපවාහිනී වැඩසටහන මෙහෙයවූ 39 හැවිරිදි සාරා කලීෆා, මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය විදේශයන්ගෙන් ආනයනය කළ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකාවක ලෙස කටයුතු කර ඇති බවයි.
අදාල වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සහ ඒවා නිෂ්පාදනයට ගන්නා රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 750 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම නීති විරෝධී ගිනිඅවි ද සොයාගෙන තිබෙනවා.
මෙම නඩුවේ තවත් විත්තිකරුවන් 09 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී ඇති අතර, තවත් 07 දෙනෙකු නිදහස් කිරීමටයි අධිකරණය පියවර ගෙන ඇත්තේ.
කෙසේවෙතත් තමන් වෙත එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරන සාරා කලීෆා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් ප්‍රකාශ කළේ අදාළ තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
More From Neth News



