මධ්‍යම ගාසා තීරයේ අල්-නුසෙයිරාට් සරණාගත කඳවුරේ ජල ටැංකියකින් ජලය ලබා ගැනීමට රැඳී සිටි පිරිසකට ඊශ්‍රායල ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම ප්‍රහාරයෙන් ළමුන් හය දෙනෙකු ඇතුළු දස දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ ළමුන් 07 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු නුසෙයිරාත්හි අල්-අව්ඩා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ගාසා තීරයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වන විට ඊශ්‍රායලය විසින් එල්ල කරන ගුවන් ප්‍රහාර උත්සන්න වී ඇති බවයි.
අදාළ ප්‍රහාරවලින් අද දිනය තුළ පලස්තීන ජාතිකයන් 50 දෙනෙකු මිය ගොස් ඇති තිබෙනවා.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාවෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.
මේ අතර ඊයේ දකුණු ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ස්ථානයක් අසල ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති බවත් ආධාර ආශ්‍රිත ඝාතන 789ක් මේ දක්වා වාර්තා වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පැවසුවේ.
ඉන් 615ක් මැයි 27 වන දින විවෘත කරන ලද එක්සත් ජනපද සහ ඊශ්‍රායල පිටුබලය ලත් ගාසා මානුෂීය පදනමේ ස්ථාන ආසන්නයේ සිදු වූ බවත් අනෙක් ඝාතන 183 වාර්තා වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ආධාර රථ පෙළ අසල බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වැඩි දුරටත් සඳහන් කර සිටියේ.
මෙම සතියේ, දින 130 කට පසු පළමු වතාවට ගාසා තීරයට ඉන්ධන ලීටර් 75,000 ක් සඳහා අවසර ලබා දී තිබෙනවා
කේසි නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මෙම ඉන්ධන තොගය ජනගහනයේ දෛනික අවශ්‍යතා සහ අත්‍යවශ්‍ය සිවිල් ආධාර මෙහෙයුම් සපුරාලීමට ප්‍රමාණවත් නොවන බවයි
ගාසා තීරයේ ඉන්ධන අවසන් වුවහොත් එය රෝහල්, ජල පද්ධති, සනීපාරක්ෂක ජාල සහ බේකරි වලට බලපානු ඇති බවත් එක්සත් ජාතීන්ගේ ආයතන නවයක් සෙනසුරාදා අනතුරු අඟවා තිබෙනවා.