Published
කැනඩාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 50ක තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
අමෙරිකානු වෙළෙඳ ප්‍රතිපත්තියට එරෙහිව කැනඩාව කටයුතු කිරීම හේතුවෙන් මෙම නව බදු පැනවීම සිදුකිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව එම බදු පැනවීම දින 30ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ.
අමෙරිකාවේ නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථ, කිරි නිෂ්පාදන සහ මධ්‍යසාර සඳහා කැනඩාව විසින් බදු අය කිරීමට ගෙන ඇති තීරණයට ප්‍රතිචාර ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.



