චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බීජිං නුවර සිට ලෝකවාසී ජනතාව වෙත 2026 නව වසර උදාවීම නිමිත්තෙන් සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.
ඉතිහාසයේ නිවැරදි දිශානතිය ඔස්සේ ගමන් කරන චීනය, සෙසු රටවල් සමග එක්ව ලෝකයේ සාමකාමී සංවර්ධනය සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීමට සූදානමින් සිටින බව ඔහු සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කර ඇත්තේ.
කැලඹිලි සහගත වත්මන් ලෝකයේ ඇතැම් ප්‍රදේශයන්හි තවමත් ගැටුම්කාරී තත්ත්වයන් පැවතියද, රටක් ජවසම්පන්න වනුයේ පාලක පක්ෂය ශක්තිමත් කිරීමෙන් පමණක් බවත්, දැඩි විනයකින් යුතුව විශ්වාසය ගොඩනංවා පක්ෂ පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කරමින් දූෂණය ඉවත්කර පක්ෂ හා පාලන ආචාරධර්ම දිගින් දිගටම ශක්තිමත් කළ යුතු බවයි සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කර සිටියේ.
රටක් ජවසම්පන්න වනුයේ පාලක පක්ෂය ශක්තිමත් කිරීමෙන් පමණක් බවත්, දැඩි විනයකින් යුතුව විශ්වාසය ගොඩනංවා පක්ෂ පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කරමින් දූෂණය ඉවත්කර පක්ෂ හා පාලන ආචාරධර්ම දිගින් දිගටම ශක්තිමත් කළ යුතු බවද චීන ජනපතිවරයා පවසයි.
අඛණ්ඩව නව ඉහළ මට්ටමකට පිවිස ඇති වත්මන් චීන ආර්ථිකය, 2025 වසරේදී චීන යුවාන් ට්‍රිලියන 140කට ළඟා වනු ඇතැයි ද අපේක්ෂා කෙරෙන බවත්, ලෝකය තවත් විවෘත ආකාරයෙන් වැළඳගැනීමට සූදානම් බවත් ෂී ජින්පිං මහතා පවසයි.


