ආසියානු ක්රීඩා උළෙලේ මීටර් දෙසියය නිදහස් ආර කාන්තා පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකදි හය වන ස්ථානය දිනා ගැනීමට ශ්රී ලංකාවේ මිනගි රූපසිංහ අද සමත් වුණා.
ඇය තරග වැදුණේ එම ඉසව්වේ මූලික වටයේ තුන්වන තරගය සදහායි.
එහිදි ඇගේ තරග නිමි කාලය විනාඩි දෙකයි තත්පර 12යි දශම දෙකයි බින්දුවක්.
අද පැවති තවත් පිහිනුම් තරගයකදී මූලික වටයේ පස් වන ස්ථානය දිනා ගැනීමට ශ්රී ලංකාව නියෝජනය කළ දිසදු නිරිඇල්ල සමත් වුණා.
ඔහු මෙලෙස තරග වැදුණේ මීටර් 50 නිදහස් ආර පිරිමි පිහිනුම් ඉසව්ව සදහායි.
එහි මූලික වටයේ දෙවන තරගයට සහභාගි වු දිසදු තරගය නිමා කළේ තත්පර 24.35 කාලයකින්.
මෙය මෙම ඉසව්වේ ඔහුගේ හොදම දක්ෂතාවද වනවා.
මේ අතර ආසියානු ක්රීඩා උළෙලේ අද පැවති කාන්තා බීච් වොලිබෝල් මූලික වටයේ තරගයකදි ශ්රී ලංකාව ඉන්දුනීසියාව හමුවේ පරාජය වුණා.
H කාණ්ඩයේ තරගයක් වූ මෙහිදී ශ්රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණේ කසුනි තාරුකා සහ චතුරිකා මදුෂානියි.
තරගයේ පළමු වටය ලකුණු 21කට 14ක් ලෙසද දෙවන වටය 21ට 17ක් ලෙසද ඉන්දුනීසියාව ජය ගත්තා.
ආසියානු ක්රීඩා උළෙලේ අද පැවති කරාටේ තරග සදහා ද ශ්රී ලංකා සහභාගි වුණා.
එහිදි ශ්රී ලංකාව නියෝජනය කරමින් එඩ්වට් රයන් ඒකල කාටා ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයට තරග වැදුණු අතර ඔහු ජපාන ක්රීඩකයෙකු හමුවේ පරාජය වුණා.
ආසියානු ක්රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ ජපානයේ අයිජි නගෝවාහිදීයි.
පදක්කම් සටහනේ මේ වනවිට පෙරමුණ ගැනිමට චීනය සමත් වී සිටිනවා.
ඒ රන් පදක්කම් 14ක්, රිදි පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගනිමින්.
ජපානය දෙවන ස්ථානයේත් දකුණු කොරියාව තුන්වන ස්ථානයේත් පසු වනවා.




