චීනය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීමට තම රටට කිසිදු අදහසක් නොමැති බව කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි ප්‍රකාශ කළේය.
ඔහු මෙමා අදහස් පළ කළේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රතිචාර වශයෙනි.
කැනඩාව චීනය සමඟ වෙළඳ ගිවිසුමක් සඳහා එළඹුන හොත් කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 100% ක තීරුබදු පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර තර්ජනය කර තිබිණි.
ඒ අනුව මාර්ක් කානි පවසා ඇත්තේ චීනය සමඟ ඔහුගේ මෑත ගිවිසුම මෑතකදී ඔවුන්ට බදු හමුවේ බලපෑම් එල්ල වූ අංශ කිහිපයක් සඳහා තීරුබදු අඩු කිරීමක් සඳහා පමණක් එළඹි බවයි.
ඇමරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම යටතේ, පූර්ව දැනුම්දීමකින් තොරව වෙළඳපල නොවන ආර්ථිකයන් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් අනුගමනය නොකිරීමට ප්‍රතිඥා දී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
2024 දී, කැනඩාව චීනයෙන් ආනයනය කෙරෙන විදුලි වාහන සඳහා 100% ක තීරුබදුවක් සහ වානේ සහ ඇලුමිනියම් සඳහා 25% ක තීරුබදුවක් පැනවීය.
චීනය ඊට ප්‍රතිචාර දක්වමින් කැනේඩියානු කැනෝලා තෙල් සහ ආහාර සඳහා 100% ක ආනයන බදු සහ ඌරු මස් සහ මුහුදු ආහාර සඳහා 25% ක ආනයන බදු පැනවීය.



