ශ්‍රීන් ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන මිත්‍ර පාක්ෂික රටවල් අටකට නව තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණය යුරෝපා නායකයින් හෙළා දැක තිබෙනවා.

එංගලන්ත අගමැති සිරි ස්ටාර්මර් සඳහන් කර ඇත්තේ එම පියවර සම්පූර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවක් බටයි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් එය පිළිගත නොහැකි තීරණයක් බව පවසා ඇති අතර යුරෝරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා පවසා ඇත්තේ යුරෝපා සංගමය සැමවිටම ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීමේදී ස්ථිරව සිටින බවයි.

එමෙන්ම ස්වීඩනය ඇතුලු අනෙකුත් රටවල් ද අමෙරිකානු ජනාධිපතිවරයාගේ එම තීරණය දැඩි ලෙස හෙළා දැක තිඛෙනවා.

ග්‍රීන්ලන්තය, අමෙරිකාවට ඇඳා ගැනීමට එරෙහි වූ යුරෝපා රටවල් වන ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටව වලින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 107 අමතර සීරු බද්දක් පෙබරවාරි 01 වනදා සිට බලාත්මක වෙන බව ඩොනල්ඩ් ට්‍රමම්ස් සඳහන් කර තිබෙනවා.

එය ජුනි මාසයේදී සියයට 25ක් දක්වා ඉහළ යා හැකි බවටයි ට්‍රම්ප් නිවේදනය කර ඇත්තේ.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ එම තීරණයට එරෙහිව ශ්‍රීන්ලන්තයේ සහ ඩෙන්මාර්කයේ දැවැන්ත විරෝධතා ද පවත්වා තිබෙනවා.

ග්‍රීන්ලන්තය ජනාකීර්ණ රටත් නොවුනද සම්පත්වලින් පොහොසත් රටත් වනවා.

උතුරු අමෙරිකාව සහ ආක්ටික් අතර මිසයිල ප්‍රහාර වලදී ශ්‍රීන්ලන්තයේ පිහිටීම පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති හරහා සහ කලාපයේ යාත්‍රා නිරීක්ෂණය කිරීම සඳහා සුදුසු ස්ථානයක් ද වනවා, ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ ඒ හේතුවෙන් පහසු ආකාරයෙන් හෝ දුෂ්කර ආකාරයෙන් ශ්‍රීන්ලන්තය, අමෙරිකාවට ලැබෙනු ඇති බවයි.