අපි කවුරුත් දන්න හොලිවුඩ් නළු ටොම් කෲස්ගේ 'මිෂන්: ඉම්පොසිබල් - රෝග් නේෂන්' චිත්‍රපටයේ තිබුණු, ගුවන් යානයක එල්ලී යන, හිත ගැස්සෙන දර්ශනය මතකද? දැන් ලෝකයේම අවධානය දිනාගත්තු ඇමරිකානු යු ටියුබ් නිළියක් වන මිෂෙල් ඛාරේ ඒ දේම කරලා තියනවා.

ඇය තමයි මේ සුවිශේෂී ප්‍රයෝගය සාර්ථකව අනුකරණය කළ එකම කාන්තාව වෙන්නේ.

මිෂෙල්, ඇගේ ප්‍රසිද්ධ "අභියෝගය පිළිගත්" (Challenge Accepted) යු ටියුබ් කතා මාලාවේ කොටසක් විදිහට තමයි මේකට අතගහලා තියෙන්නේ.

ටොම් කෲස් මුලින්ම පාවිච්චි කරපු එයාර්බස් A400M යානය වෙනුවට, ටොම්ගේ පුහුණුවටත් යොදාගත්තු C-130 හමුදා ගුවන් යානයක් තමයි ඇය මේ වැඩේට යොදාගෙන තියෙන්නේ.

යානය පැයට සැතපුම් 150 (කිලෝමීටර 240) ක පමණ වේගයකින් පියාසර කරන විට ඇය යානයේ පැත්තට බැඳලා එල්ලී ගිහින්! ඇත්තටම පිස්සු හැදෙන වැඩක්!

ටොම් කෲස් මේ ප්‍රයෝගය කරනකොට ආරක්ෂක උපකරණ පෙන්වූයේ නැති වුනත්, මිෂෙල් ආරක්ෂිත පටි (harness) පාවිච්චි කරලා තියෙනවා.

ඒ වුණත්, පැරෂුටයක්, හිස්වැස්මක් හෝ ඇස් කණ්ණාඩියක් පාවිච්චි කරලා නැහැ.

ඇයට මුහුණ දෙන්න වෙන දැඩි සුළං බලවේගවලට ඔරොත්තු දෙන්න, ඇය සති ගණනාවක් තිස්සේ සුළං උමං පුහුණුවීම් (wind tunnel training) සහ බෙල්ලේ සහ ඉහළ සිරුරේ ශක්තිය වැඩි දියුණු කිරීමේ පුහුණු සැසිවලට ගිහින් තියෙනවා.

ඇය මේ වීඩියෝවෙන්, මේ වගේ ක්‍රියාදාම දර්ශනවලට අවශ්‍ය වෙන විනය සහ සූදානම ගැන ලෝකයටම පෙන්නලා දීලා. ඒ වගේම ඇය වීඩියෝවේදී කියපු මේ කතාව තමයි දැන් හැම තැනම කතා වෙන්නේ

"ටොම් කෲස් මා සමඟ ස්ටන්ට් එකක් කිරීමට මට ඒත්තු ගැන්වීමට සිදුවුවහොත්, ඔහුගේ විශාලතම එකක් ප්‍රතිනිර්මාණය කිරීමෙන් මා ඔප්පු කළ යුතුයි."

ඇයගේ මේ ප්‍රකාශය හොලිවුඩයට සහ ක්‍රියාදාම ලෝකයටම කළ සෘජු අභියෝගයක්

මිෂෙල් ඛාරේගේ 'Challenge Accepted' නාලිකාව පුරාම ඇය භාරගන්නේ ශාරීරිකව සහ මානසිකව අතිශයින්ම අභියෝගාත්මක දේවල්.

මේ ටොම් කෲස් ස්ටන්ට් එක ඇය මෙතෙක් කරපු අභියෝග අතරින් දරුණුතම එකක් බවට තමයි සැලකෙන්නේ.

මිෂෙල්ගේ මේ අති දක්ෂ, හදවත නතර කරවන වීඩියෝව දැන් ලෝකය පුරාම වයිරල් වෙලා.

හොලිවුඩයේදීවත් කරන්න අමාරු මේ වගේ වැඩක් තනියම කරන එක ගැන අතිශය උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා.

මේ කතාව ඇතුළේ තවත් රසවත් තොරතුරු ගොඩක් තියෙනවා.

ඇය මේ අතිශය භයානක අභියෝගය පිටුපස ඇති දැවැන්ත කැපවීම සහ ක්‍රියාවලිය ඇගේ යු ටියුබ් වීඩියෝව හරහා ලෝකයටම පෙන්නලා දීලා තියනවා.