ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙදින නිල සංචාරයක් සඳහා අද අයර්ලන්තයට පැමිණෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම සංචාරය අතරතුර ඇමෙරිකානු ජනාධිපතිවරයා අයර්ලන්ත ජනාධිපතිනි කැතරින් කොනොලි මෙන්ම අයර්ලන්ත අගමැති මයිකල් මාටින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඩබ්ලින්හි ෆීනික්ස් පාර්ක් හි පිහිටි අයර්ලන්තයේ ඇමෙරිකානු තානාපතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන විශේෂ උත්සව කිහිපයකට ද ට්‍රම්ප් එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍යයන්හි සදහන්.

අනතුරුව, ක්ලෙයාර් ප්‍රාන්තයේ පිහිටි තමන්ට අයත් ‘ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් ගොල්ෆ් ලින්ක්ස් ඇන්ඩ් හොටෙල් ඩූන්බෙග්‘ හි පැවැත්වෙන ගොල්ෆ් තරගාවලිය නැරඹීමට ද ඔහු එක්වීමට නියමිත බවද වාර්තා වනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් වරට අයර්ලන්තයේ සංචාරය කළේ 2019 වසරේදි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.