ධවල මන්දිරයේ ඩොලර් මිලියන 400ක උත්සව ශාලාව හැදීමට ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර – ට්‍රම්ප්ට ජයක් හිමිවෙද්දී අග විනිසුරුගෙන් දැඩි විරෝධයක්
ධවල මන්දිර පරිශ්‍රයේ ඩොලර් මිලියන 400 ක පිරිවැයකින් ඉදිකිරීමට යෝජිත දැවැන්ත උත්සව ශාලාවේ (Ballroom) කටයුතු ඉදිරියට කරගෙන යාමට ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.
ඒ,පහළ අධිකරණ මගින් මෙම ඉදිකිරීම් අත්හිටුවමින් නිකුත් කර තිබූ නියෝග අවලංගු කරමින්.
ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් 5 ට 4 ක් ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට පක්ෂව මෙම තීන්දුව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, මෙම තීන්දුවට එරෙහිව අදහස් දක්වමින් ඇමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් (John Roberts) සඳහන් කර ඇත්තේ කොන්ග්රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිදුවන මෙම ඉදිකිරීම නීති විරෝධී විය හැකි බවයි.
මෙය බලතල බෙදීමේ සංකල්පයට ලැබුණු ජයග්‍රහණයක් නොවන බව ද අගවිනිසුරුවරයා පෙන්වා දී තිබෙනවා.
ඓතිහාසික ධවල මන්දිරයේ පැරණි නැගෙනහිර පියාපත (East Wing) කඩා දමා ආරම්භ කළ මෙම වර්ග අඩි 90,000 ක දැවැන්ත ඉදිකිරීම් සංකීර්ණය 2028 වසරේ අගෝස්තු වන විට සම්පූර්ණයෙන්ම නිම කිරීමට සැලසුම් කර ඇති බවයි ධවල මන්දිර ආරංචි මාර්ග පවසන්නේ.




