පකිස්ථානයේ Khyber Pakhtunkhwa පළාතේ සිදුවූ බෝම්බ පිපිරීමකින් රජයේ සහකාර කොමසාරිස්වරයෙකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් හතර දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

ඇෆ්ගනිස්ථානයට මායිම්ව පිහිටි Bajaur දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම පිපිරීම, එම දිස්ත්‍රික්කයේ Nawagai tehsil ෆයිසාල් සුල්තාන්ගේ සහකාර කොමසාරිස්වරයාගේ වාහනය ඉලක්ක කර සිදුව තිබේ.

ඝාතනයට ලක්වූ අනෙක් පුද්ගලයින් අතර සහකාර උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු ද සිටින බව සඳහන්.

ආරක්ෂක අංශ කඩිනමින් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුමක් සහ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Khyber Pakhtunkhwa ප්‍රධාන අමාත්‍යවරයාගේ තොරතුරු පිළිබඳ උපදේශක බැරිස්ටර් සයිෆ් බෝම්බ පිපිරීම හෙළා දකිමින්, එය ඉතා ඛේදනීය සිදුවීමක් බව පවසා තිබේ.