ඉකුත් නොවැම්බර් මාසයේදී බලපෑ විනාශකාරී සුළි කුණාටුවකින් විපතට පත් පිලිපීන වැසියන් වෙත ඉන්දියාව මානුෂීය ආධාර යොමු කර තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අවශ්‍යතා ඇති අවස්ථාවලදී හවුල්කාර රටවලට සහාය දැක්වීමට ඇති කැපවීම එමගින් නැවත අවධාරණය කරන බවයි.

එමෙන්ම මෙම පශ්චාත් ආපදා තත්වයේදී ඉන්දියාව පිලිපීනය සමඟ සිටින බව ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිශ්වාල් පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ ආධාර රැගෙන ඉන්දීය ගුවන් හමුදාවේ C-17 ගුවන් යානයක් සඳුදා පිලිපීනය බලා පිටත්ව ගිය බවයි.

සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා ටොන් 30 ක් පමණ මානුෂීය ආධාර ඊට ඇතුළත් බව ද ඔහු පැවසුවේය.