Published
ඔස්ටේ්රලියාවේ ප්‍රාන්ත දෙකක පොදු ප්‍රවාහනය නොමිලේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, මැදපෙරදිග අර්බුද හමුවේ ගෝලීය සැපයුම්වලට එල්ල වී ඇති බාධා හේතුවෙන්, ඉහළ යන ඉන්ධන පිරිවැයේ බර ලිහිල් කිරීම සදහායි.
වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත්තේ අප්‍රේල් මාසයේදී දුම්රිය, ට්රෑම් රථ සහ බස් රථ නොමිලේ ක්‍රියාත්මක කිරීමටයි.
ජූලි පළමු වනදා තෙක් බස්රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා නොමිලේ ක්‍රියාත්මක කිරීමට ටැස්මේනියා ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.
ඉන්ධන බදු කප්පාදුව සහ නිවසේ සිට වැඩ කිරීමේ හැකියාව සම්බන්ධයෙන්ද ඔස්ටේ්රලියානු බලධාරීන් සාකච්ඡාවට ලක් කර ඇති බව විදෙස් වාර්තා අනාවරණ කරනවා.



