ප්‍රංශ රජය චීන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට පෙළඹෙන්නේ නම්, චීනයට ප්‍රංශ වයින් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට හෝ ‍යුරෝපා සංගමයේ නිෂ්පාදන සඳහා අන්‍යෝන්‍ය තීරුබදු පැනවීමට හැකි බව චීනය පවසා තිබේ.

සඳුදා ප්‍රකාශයට පත් කරන ලද ප්‍රංශ රජයේ උපාය මාර්ගික වාර්තාවක්, ලාභ ආනයන වැඩිවීමට එරෙහිව චීන භාණ්ඩ සඳහා පෙර නොවූ විරූ 30% ක සමස්ත තීරුබදු පැනවීමක් හෝ රෙන්මින්බි මුදල් ඒකකයට එරෙහිව යුරෝව 30% කින් අවප්‍රමාණය කිරීමක් සලකා බලන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් චෝදනා කරමින් චීනය පවසා ඇත්තේ එමගින් ප්‍රංශය නිර්දේශ චීන නිෂ්පාදන පමණක් ඉලක්ක කර ඇති අතර ලෝක වෙළඳ සංවිධානයේ නීති උල්ලංඝනය කර ඇති බවයි.

එය වෙළඳාමේ දී චීනයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමට සමාන බව ඔවුන් පෙන්වා දී ඇත.