Published
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සංක්‍රමණ සහ බලශක්ති ප්රතිපත්තිවල අසාර්ථකත්වයන් පෙන්වා දෙමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එලෙස ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවයි ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ.
''ඔහු ඉතා වැදගත් කරුණු දෙකක් සම්බන්ධයෙන් දැඩි ලෙස අසාර්ථක වුණා - ඒ තමයි සංක්‍රමණ සහ බලශක්තිය. මම ඔහුට සුබ පතනවා'' යනුවෙන්ද ට්‍රම්ප් සිය Truth ගිණුමේ සටහන් කර තිබෙනවා.
මේ අතර බ්‍රිතාන්‍ය රජය අභ්‍යන්තරයේ පවතින දේශපාලන වාතාවරණය වෙනස් වෙමින් පැවතීම හේතුවෙන්, අග්‍රාමාත්‍ය ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වීම අද ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා.



