2022 වසරෙන් පසු පළමු වරට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා යාම සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා දැඩි කථාබහක් නිර්මාණය වි තිබෙනවා.

තෙල් මිල ඉහළ යාමත් සමග ආසියාවේ, දකුණු කොරියාවේ හා ලන්ඩනයේ කොටස් වෙලඳපොල මිළ දර්ශක තියුණු ලෙස පහත වැටී ඇතැයි සදහන්.

මෙම නවතම තත්ත්වය පිලිබද සාකච්ඡා කිරීමට බි්‍රතාන්‍යයේ මූලිකත්වයෙන් ඨ 7 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ හදිසි රැස්වීමක්ද කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
කෙසේ වෙතත් බොරතෙල් බැරලයක මිල ඉහල යාම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද අදහස් පල කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ මිල වැඩිවීම "කෙටි කාලීන” බවත් එය ලෝක සාමය සඳහා ”ගෙවිය යුතු ඉතා කුඩා මිලක්” බවයි.

තෙල් මිල ඉහළයාම සම්බන්ධයෙන් ට්‍රම්ප් මෙලෙස අදහස් දැක්වීමට හේතු වී ඇත්තේ මේ හේතුවෙන් අමෙරිකාවවේ උද්ධමනය ඉහළගියහොත් එය නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු මැදිකාලීන මැතිවරණයේදී ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට අවාසිදායක වීමට ඉඩ ඇති බැවින්.

ඒ හේතුවෙන් ඔහු දැන් පවසා ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන්වූ වහාම තෙල් මිල නැවතත් ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති බවයි.

මේ අතර මැද පෙරදිග යුද්ධය 10 වන දිනට තවමත් ඇවිලෙමින් තිබෙනවා.

එහි නවතම තොරතුරු විදෙස් ප්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න.