ඉන්දියාවේ අහමදාබාද් නගරයේ ගුවන් තොටුපළේ සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපළ දක්වා පියාසර කරමින් තිබු එයාර් ඉන්දියා මගී ගුවන් යානයක් කඩා වැටි තිබෙනවා.
යානය ගුවන් ගත වී මිනිත්තු කිහිපයකට පසු ජනාකීර්ණ ප්‍රදේශයකට එලෙස කඩා වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
අදාළ ගුවන් යානය අනතුරට ලක් වන අවස්ථාවේදී කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 242 දෙනෙකු එහි ගමන් කරමින් සිට තිබෙනවා.
ඒ අතර ඉන්දියානුවන් ජාතිකයන් 169 දෙනෙකු, බි්රතාන්ය ජාතිකයන් 53 දෙනෙකු, පෘතුගීසි ජාතිකයන් 07 දෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම ගුවන් යානයේ සිටි සියලුදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
අනතුරට පත් වුවන් ගලවා ගැනීම සඳහා ගුවන් තොටුපළ ආසන්නයේ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි වාර්තා වුණේ.
මේ හේතුවෙන් අහමදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර එම ගුවන් අනතුර සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබෙනවා.