ලොව පුරා අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුම් වන ඉන්ස්ටග්‍රෑම් සහ යූ ටියුබ් හේතුවෙන් මානසික සෞඛ්‍යට බලපෑම් සිදුවන බවට ගොනු කල නඩුවක් විභාගයට ගැනීම අමෙරිකාවේදී ආරම්භ වී තිබෙනවා.
එහි පළමු දිනයේදීම ඉන්ස්ටග්‍රෑම් සහ යූ ටියුබ් වෙත චෝදනා එල්ල වී ඇත්තේ ඒවා ජනතාව ඇබ්බැහි කරන යන්ත්‍ර බවටයි.
මෙම නඩුව ගොනු කල නීතිඥවරුන් පවසා ඇත්තේ තම සේවාදායකයා වන පැමිණිලිකාරිණිය ඇගේ සමාජ මාධ්‍ය ඇබ්බැහි වීමේ ප්‍රතිඵලයක් ලෙස මානසික සෞඛ්‍ය ගැටළු වලින් පෙළෙන බවයි.
මෙම සමාගම් දරුවන්ගේ මොළයට ඒවා හිතාමතාම ඇබ්බැහි කරවන ලෙස නිර්මාණය කර ඇති බවටයි එහිදී චෝදනා එල්ල වී ඇත්තේ.
මෙටා සහ යූ ටියුබ්, ඔවුන්ගේ සමාජ මාධ්‍ය යෙදවුම් හරහා තරුණ පරිශීලකයින්ට එල්ල වන අනතුරු පිළිබඳ අනතුරු ඇඟවීමට අපොහොසත් වූ බවට ද චෝදනා එල්ල කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඉන්ස්ටග්‍රෑම් සහ යූ ටියුබ් නීතිඥවරුන් එය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ පැමිණිලිකාරිණියගේ ඇබ්බැහි වීම ඇගේ ජීවිතයේ වෙනත් ගැටළු වලින් පැන නැගුණු බවයි.
ඉදිරි සති කිහිපය තුළ, මියගිය දරුවන්ගේ පවුලේ සාමාජිකයන් සහ මෙටා නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්, ඉන්ස්ටග්‍රෑම් ප්‍රධානී ඇඩම් මොසේරි සහ යූ ටියුබ් හි ප්‍රධාන විධායක නිලධාරී නීල් මොහාන්ගෙන් ඇමරිකානු අධිකරණය සාක්ෂි විමසීමට නියමිතයි.




