ඉරානය සමග පවතින යුද ගැටුම් අවසන් අදියරට පැමිණෙමින් තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ මේ පිළිබඳව ඉරාන බලධාරීන් සමඟ සෘජුවම සාකච්ඡා කළ බවයි.

කෙසේ වෙතත්, වොෂින්ටනය කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත්, ඒ සඳහා ඇමෙරිකාව ප්‍රායෝගික පියවර ගත යුතු බවත් ඉරාන ජාතික ආරක්ෂක ප්‍රධානී මොහ්සින් රෙසායි අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වුණේ.

මේ අතර, යේමනය සහ සෞදි අරාබිය අතර මෙන්ම හවුති සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් උග්‍රවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ සාමය සහ රාජ්‍යතාන්ත්‍රික විසඳුම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් ඉල්ලීමක් කර තිබෙනවා.