Published
2026 නව වසර උත්සවශ්‍රීයෙන් පිළිගැනීමට ලොව පුරා රටවල් මේ වන විට සූදානමින් සිටිනවා.
ඒ අතරතුර රටවල් කිහිපයකට මේ වන විට නව වසර උදා වී තිබෙනවා.
2026 නව වසර පළමුව උදා වූයේ දුරස්ථ පැසිෆික් රාජ්‍යයක් වන කිරිබාති දිවයිනටයි.
නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාවද 2026 නව වසර උත්සවශ්‍රීයෙන් පිළිගෙන තිබෙනවා.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවති දැවැන්ත ගිනි කෙළි සංදර්ශනයකින් නව වසර පිළිගෙන තිබෙනවා.
සිඩ්නි ඔපෙරා හවුස් ඇතුළු සිඩ්නි නගරයද වර්ණවත් ගිනි කෙළි රටාවලින් ආලෝකමත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ටොංගා වැසියන්ද සාමය, බලාපොරොත්තුව සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් නව වසර පිළිගෙන තිබෙනවා.
රුසියාවේ ඇතැම් ප්‍රදේශවලටද නව වසර උදා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
පැසිෆික් කලාපයේ තවත් රටවල් කිහිපයකට මේ වන විට 2026 නව වසර උදා වී තිබෙනවා.


