ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ නවදිල්ලියේදී රයිසිනා සාකච්ඡාවේ (Raisina Dialogue) 11 වන අදියර ආරම්භ වීමට නියමිතය.

ෆින්ලන්ත ජනාධිපති ආචාර්ය ඇලෙක්සැන්ඩර් ස්ටබ් එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සමාරම්භක සැසියට එක්වන අතර එහි ප්‍රධාන දේශනය පවත්වනු ඇත.

රයිසිනා සාකච්ඡාව යනු භූ-දේශපාලනය සහ භූ-ආර්ථිකය පිළිබඳ ඉන්දියාවේ ප්‍රමුඛතම සමුළුව වන අතර, ජාත්‍යන්තර ප්‍රජාව මුහුණ දෙන වඩාත් අභියෝගාත්මක ගැටලු විසඳීම සඳහා එය කැපවී සිටී.

රටවල් 110ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා අමාත්‍යවරුන්, හිටපු රාජ්‍ය නායකයින් සහ ආණ්ඩු ප්‍රධානීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හමුදාපතිවරුන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

මෙවර රයිසිනා සාකච්ඡාව (Raisina Dialogue) මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ වත්මන් ලෝකයේ පවතින ගැටුම් (යුක්රේන සහ මැදපෙරදිග) හමුවේ ජාත්‍යන්තර නීතිය සහ ආයතනික ව්‍යුහයන් ශක්තිමත් කිරීම, කෘතිම බුද්ධිය (AI) සහ සයිබර් තර්ජන හමුවේ රටවල ආරක්ෂාව සහ ස්වෛරීභාවය පවත්වා ගැනීම මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට හරිත බලශක්තිය සඳහා අවශ්‍ය අරමුදල් සහ තාක්ෂණය ලබාදීම. සම්බන්ධයෙනි.