රුසියාව එල්ල කළ ප්රබල මිසයිල සහ ඩ්රෝන ප්රහාර හේතුවෙන් යුක්රේනය පුරා ලක්ෂ හයකට අධික පිරිසකට විදුලි බලය ඇනහිට ඇති බව යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි ප්රකාශ කර තිබෙනවා.
රුසියාව සහ යුක්රේනය අතර බලශක්ති අංශ ඉලක්ක කරගනිමින් ප්රහාර එල්ල නොකිරීමේ සන්දියකට එළඹ ඇති බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර තිබියදීත්, රුසියාව විසින් කියෙව් අගනුවර සහ කාර්කිව් හි පිහිටි ප්රධාන බලශක්ති පද්ධති වෙත මෙලෙස ප්රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්ය පවසන්නේ.
මෙම ප්රහාරවලින් කියෙව් අගනුවර පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 21 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.
යුක්රේන ගුවන් හමුදාව සඳහන් කරන්නේ රුසියාව විසින් බැලිස්ටික් සහ කෲස් මිසයිල 39 ක් මෙන්ම ඩ්රෝන යානා 128 ක් එල්ල කළ අතර, ඉන් මිසයිල 4 ක් සහ ඩ්රෝන යානා 115 ක් විනාශ කිරීමට තමන් සමත් වූ බවයි.
කෙසේවෙතත්, යුක්රේන හමුදාව භාවිත කරන සන්නිවේදන සහ බලශක්ති මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්රහාර එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්යාංශය පවසනවා.
එමෙන්ම මොස්කව් අගනුවර සහ ක්රිමියානු අර්ධද්වීපය දෙසට යුක්රේනය එල්ල කළ ඩ්රෝන යානා 902 ක් විනාශ කළ බවද රුසියාව වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, රුසියාවද ප්රහාර නතර කරන්නේ නම්, රුසියානු තෙල් පිරිපහදු සහ බලශක්ති මධ්යස්ථාන වෙත එල්ල කරන ප්රහාර නතර කිරීමට යුක්රේනය සූදානම් බව ජනාධිපති සෙලෙන්ස්කි නැවතත් අවධාරණය කර සිටිනවා.




