රුසියානු, යුක්රේන සහ අමෙරිකානු නියෝජිතයින් එක මේසයකට ගෙන එන තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි. මීට වසර හතරකට පමණ පෙර රුසියාව, යුක්‍රේනයට එරෙහිව දැවැන්ත ආක්‍රමණයක් දියත් කිරීමෙන් පසු මෙම රටවල් තුනම එක මේසයක සාකච්ඡාවකට සහභාගී වන පළමු අවස්ථාව මෙයයි.

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ මොස්කව්හි අමෙරිකානු තානාපති අතර පැවති හමුවකින් පසුව රුසියානු නිලධාරීන් තහවුරු කළේ අබුඩාබියේ පැවැත්වෙන මෙම සාකච්ඡාවලට සහභාගී වන බවයි.

එම සාකච්ඡා සෑම අතින්ම ප්‍රයෝජනවත් වනු ඇති බවටයි රුසියාව පවසා ඇත්තේ. එහෙත් පවතින ගැටළු විසඳන තුරු දිගුකාලීන සාම ගිවිසුමකට එළඹිය නොහැකි බවට රුසියාව අවධාරණය කර තිබෙනවා.