රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් සිදුකළ මතභේදාත්මක ප්‍රකාශයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ, න්‍යෂ්ටික සබ්මැරීන දෙකක්, සුදුසු ස්ථානයක ස්ථානගත කිරීමට අමෙරිකානු ආරක්‍ෂක බලධාරීන්ට නියෝග කරමින්. දිමිත්‍රි මෙද්වෙදෙව් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මොස්කව්හි අවසාන විසඳුම සෝවියට් යුගයේ න්‍යෂ්ටික ප්‍රහාරක හැකියාවන් බව ට්‍රම්ප් මතක තබා ගත යුතු බවටයි. එම ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස අමෙරිකාවේ ආරක්ෂාව උදෙසා මෙලෙස න්‍යෂ්ටික සබ්මැරීන දෙක ස්ථානගත කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.