Published
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් එළඹෙන ජනවාරි 16 වැනිදා සිය ධුරයෙන් සමුගෙන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ඇය ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ලෙස වසර හතරකට ආසන්න කාලයක් සේවය කළා.
ඇය සිය සමුගැනීමේ පණිවිඩයේ සඳහන් කර ඇත්තේ, තම සේවා කාලයේ පළමු දිනයේ සිටම ප්‍රධාන අරමුණ වූයේ අමෙරිකානු අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සහ අමෙරිකානු ජනතාවට ප්‍රතිඵල ලබා දෙන සබඳතාවක් ගොඩනැගීම බවයි.
එසේම නිදහස්, විවෘත සහ ආරක්ෂිත ඉන්දු-ශාන්තිකර කලාපයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට හැකි වූ බවටද ඇය පවසා ඇතැයි සඳහන්.




